සාම්ප්‍රදායික තැන්පතු සහ ඉතුරුම් ගිණුම් ගතික නොවන ආයෝජනයන් වේ.

එම නිසා, ඉතාමත් නම්‍යශීලී සේවාවක් සහ ඉහළ ප්‍රතිලාභ භුක්ති විඳිමින්, අපගේ ඒකක භාර විශේෂඥයින් සමග එක්ව ඔබගේ අභිරුචිය පරිදි සැකසූ ආයෝජන කළඹක් සැලසුම් කරගැනීමට අදම CAL Unit Trust තෝරා ගන්න.

CAL Unit Trust යනු කුමක්ද? එය ඔබට සුදුසුද?

අපගේ Unit Trust ආයෝජන විශේෂඥයෙකු සමග විනාඩි 10ක ක්ෂණික උපදේශනයකින් එය පිළිබඳව අවබෝධයක් ගන්න.

දැන්ම අපව අමතන්න

ලොකු සිහින දකින්න.

ඒකක භාරවල ආයෝජනය කරන්න.
පෞද්ගලික වත්කම් වර්ධනය කරගන්න.
ඔබගේ අනාගතය ඔබම සැලසුම් කරන්න.

Unit Trusts අරමුදල් ඔබගේ ජීවන රටාව සහ ඉලක්ක වලට සමකාලීනව අනුවර්තනය වේ. ඔබගේ කැමැත්ත පරිදි ඔබේ මුදල් නැවත ලබාගත හැකිවීම යන අමතර වාසිය සහ ඔබට අවශ්‍ය විටෙක අමතර මුදල් ආයෝජනය කරගත හැකිවීම යන නම්‍යශීලී බව සමගින් සාම්ප්‍රදායික තැන්පතු සහ ඉතුරුම් ගිණුම්වලට සමාන ආකර්ෂණීය ප්‍රතිලාභයක් භුක්ති විඳින්න.

පොලී අනුපාත බලන්න

පුළුල් තේරීම්වලින් ඔබගේ ඉතුරුම් සහ ආයෝජන ඉලක්ක සඳහා ඉතා සුදුසු CAL Unit Trust අරමුදල් තෝරා ගන්න.

  • විදෙස් සංවාරයක් යන්න
  • නිවසක් ඉදිකර ගන්න
  • ඔබගේ දරුවාගේ උසස් අධ්‍යාපන වියදම් සඳහා මුදල් ඉතිරි කරන්න
  • ඔබේ දරුවාගේ විවාහ මංගල උත්සවය සැලසුම් කරන්න

…සහ තවත් දෑ

දිවයිනේ විශිෂ්ටතම ආයෝජන විශේෂඥයින් විසින් වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරනු ලබන බැවින් විවේකීව ඔබේ ආයෝජනය වර්ධනය වන සැටි බලා සිටින්න.

ඕනෑම වාතාවරණයකදී, අප පිරිනමන සෑම Unit Trust අරමුදලක් සඳහාම එය වර්ධනය වීමට උපකාර වන උපාය මාර්ග අපගේ ප්‍රවීණයන් විසින් සකසා ඇත. CAL Unit Trust අරමුදල් ඒකක භාර විශේෂඥයින් සහ මූල්‍ය කර්මාන්තයේ ඉහළ මට්ටමේ වෘත්තිකයින් ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමකින් වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරනු ලබයි. එබැවින් ඔබට ඔබගේ විවිධ වූ ආයෝජන තනි තනිවම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නොවන අතර ඉතා සුළු පරිශ්‍රමයකින් විශාල වර්ධනයක් භුක්ති විඳිය හැකිය.

අපගේ ප්‍රශස්ත ආයෝජන කණ්ඩායම හඳුනාගන්න

CAL Directors පුළුල් වූ CAL Holdings කණ්ඩායමේ අධ්‍යක්ෂණය හැඩගන්වා ඇත්තේ, දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීන් ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රභූන් ගෙන් සමන්විත ඉහළ මට්ටමේ අධ්‍යක්ෂණ මණ්ඩලයක් විසිනි.

CAL Unit Trust හි දැක්ම

ආයතනික අංශයට සහ ඉහළ මට්ටමේ ව්‍යාපාරික සම්බන්ධකම් ඇති පුද්ගලයින්ට සේවය කිරීමේ දශක ගනණාවක අත්දැකීම් සිය කමිටුවෙන් ලබා ගනිමින්, එහි ඉහළ ආයෝජන හැකියාවන් සමස්ත ශ්‍රී ලාංකිකයින් විසින්ද භුක්ති විඳිය හැකි වන පරිදි, ඒකක භාරවල බලය දේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ මෙහෙවරක CAL යෙදී සිටී.

Unit Trust යනු කුමක්ද?

එය ඔබගේ ජීවිතයේ විභවයන් සහ අභිලාෂයන්ට ගැලපෙන විවිධ වූ ආයෝජන කළඹ සඳහා යොමුවීමට ඇති ඉක්මන්ම මාර්ගයයි.

CAL Unit Trust අරමුදල අඩු ප්‍රාග්ධනයක් සහ අඩු පරිශ්‍රමයකින් ඉහළ ආයෝජන වත්කම් හිමිකර ගැනීම සඳහා වූ පහසු අවස්ථාවකි.

  • කොටස්
  • භාණ්ඩාගාර බිල්පත්
  • වාණිජමය පත්‍රිකා
  • බැඳුම්කර
  • ණයකර
  • සුරැකුම්කල පත්‍ර

ඒකක භාර සම්පත්

CAL විසින් උනන්දුව දක්වන ආයෝජකයින්ට CALහි අවස්ථාවන් ඇතුළුව Unit Trust සම්බන්ධ සෑම කරුණක් පිළිබඳවම වටිනා තොරතුරු ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරනු ලබයි. මෙහි අපි Unit Trusts පිළිබඳ අධ්‍යාපනික වීඩියෝ සම්පත් මාලාවක් බෙදා ගන්නෙමු.

ඔබ වෙනුවෙන් විවිධාංගීකරණය වූ කළඹක ආයෝජනය කිරීම මගින් අපගේ ඒකක භාර විශේෂඥයින් ඔබට උපකාරී වේ:

  • එක් තේරීමක් මත පමණක් ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම අවම කරන්න
  • විවිධ වූ ආයෝජන පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා ගෙවන කාලය ඉතිරි කරන්න
  • විවිධ ආයෝජන තේරීම් තෝරා ගැනීමේදී ඔබ විසින් මුහුණ දීමට සිදුවන අපහසුතාවලින් මිදෙන්න

CAL හි Unit Trust අරමුදල් හඳුනාගන්න

විවිධ වූ ආයෝජකයින්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලන Unit Trust අරමුදල් යෝජනා ක්‍රම කිහිපයක් අපි පිරිනමන්නෙමු.

ආයෝජන ශ්‍රේණියේ අරමුදල

අරමුදල් වර්ගය – විවෘත-අන්ත, ස්ථීර ආදායම්  අරමුදල

Investment Grade Fund


CALහි ආයෝජන ශ්‍රේණියේ අරමුදල සමගින් ආයෝජනයන්හි නව දොරටු විවර වනු ඇත. ඒ එම අරමුදල රජයේ සුරැකුම්පත් සහ ආයෝජන ශ්‍රේණියේ ආයතනික ණය සඳහා ආයෝජනය කරන බැවිනි. ප්‍රාග්ධනය සුරක්ෂිත කරගනිමින් ද්‍රවශීලතාවයෙන් යුත් තරගකාරී ප්‍රතිලාභයකට ඉඩ සලසන ඉහළ ආදායමක් උපයා ගැනීමට උනන්දු වන ආයෝජකයින් සඳහා එය ඉතා යෝග්‍ය වේ.

අරමුදල් කරුණු පත්‍රිකාව නරඹන්න
ගාස්තු බලන්න
ලියාපදිංචි වන්න

ස්ථාවර ආදායම් අවස්ථා අරමුදල

අරමුදල් වර්ගය – විවෘත-අන්ත, ස්ථීර ආදායම් අරමුදල

Fixed Income Opportunities Fund


මධ්‍ය කාලීන ද්‍රවශීලතාවය භුක්ති විඳිමින් උසස් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයින් සඳහා යෝග්‍ය වේ. CAL ආදායම් අරමුදල කල් පිරෙන තෙක් ස්ථීර ආදායමක් ලබාදෙන අතර විවෘතව අන්ත අරමුදලක් බැවින් එය අසීමිතව ඒකක මිලදී ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ඔබට ලබා දේ. අරමුදල උසස් මට්ටමේ ආයතනික ණය, තැන්පතු සහ රජයේ සුරැකුම්පත් මත ආයෝජනය කරයි.

අරමුදල් කරුණු පත්‍රිකාව නරඹන්න
ගාස්තු බලන්න
ලියාපදිංචි වන්න

ප්‍රමාණාත්මක කොටස් අරමුදල

අරමුදල් වර්ගය – විවෘත අන්ත, කොටස් අරමුදල

Quantitative Equity Fund


මුල් වරට කොටස් වෙලඳපොලේ ආයෝජනය කරන ආයෝජකයින් සඳහා විශේෂෙයන් සකස් කරන ලද, CAL ප්‍රමාණාත්මක කොටස් අරමුදල විවිධ වු තේරීම් සහ ඉහළ ප්‍රතිලාභ ලබා දෙයි. ASPI අභිබවා යාමටත් දිගුකාලීන ප්‍රාග්ධනය වර්ධනය කිරීමටත් උනන්දුවක් දක්වන ඉහළ අවදානම් ගැනීමට පසුබට නොවන ආයෝජකයින් සඳහා මෙය ඉතා යෝග්‍ය වේ.

අරමුදල් කරුණු පත්‍රිකාව නරඹන්න
ගාස්තු බලන්න
ලියාපදිංචි වන්න

CAL Unit Trust හිමියන්ගේ අදහස්

CAL හි සුවිශේෂත්වය, අප විසින් සුරක්ෂිත කෙරෙන ප්‍රතිලාභ සහ තමන්ගේ ජීවන ගමන පිළිබඳව අපගේ Unit Trust හිමියන් පළකරන අදහස් අසා දැනගන්න:

CAL කණ්ඩායම ඔවුන් කරමින් සිටින්නේ කුමක්දැයි හොඳින් දන්නා අතර ඔවුන් විශිෂ්ට කාර්යභාරයක නිරත වේ. ඔවුන් ඉතා දක්ෂ, කැපවීමෙන් සහ සැලකිලිමත් බවෙන් යුතුව වැඩ කරන කණ්ඩායමකි. CAL හි කළමනාකාරීත්වය යටතේ මාගේ ආයෝජනයන්හි අනාගතය ඉතා සුරක්ෂිත වනු ඇතැයි මම විශ්වාස කරමි.

– රනිල් ද සිල්වා

මම CAL සමග වසර 3 කට වැඩි කාලයක් තිස්සේ ගනුදෙනු කර ඇති අතර, එම අත්දැකීම ඇත්තවශයෙන්ම ඉතා ප්‍රියජනකයි! ඔවුන්ගේ Unit Trust සහ කොටස් ඒකක කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ඩිජිටල් වේදිකාව ඉතා කාර්යක්ෂම වන අතර භාවිතයටද පහසුය. ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ක්ෂණිකව ප්‍රතිචාර දක්වන අතර ඉතා අවධානයෙන් යුතුව සිටිති. ආයෝජනය කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මම CAL ආයතනය ඉතා ඉහළින්ම නිර්දේශ කරනවා!

– ඉන්දික වීරප්පෙරුම

අද කාලයේ ශ්‍රී ලාංකීය ආයෝජකයින් දැන් ස්ථාවර තැන්පතු වලට වඩා ඒකක භාර අරමුදල්වලට කැමති වන්නේ ඇයි?

Unit Trust පිළිබඳ ක්ෂණික උදාහරණයක්

දැන් අපි හිතමු, Unit Trust අරමුදලේ ප්‍රමාණය රු. මිලියන 200ක් වන අතර අරමුදලේ ඒකකයක් රු. 200කට (ඒකක මිල) සමාන වෙනවා කියලා. Unit Trust ආයෝජකයෙකු ලෙස, ඔබ ඒකක මිලදී ගන්නවා. ඒ නිසා, ඔබ රු. 20,000ක් ආයෝජනය කළොත්, ඔබට ඒකක 100ක් (රු. 20,000/ඒකක මිල, රු. 200) හිමි වෙනවා.

ඔබ ඔබේ Unit Trust අරමුදල් හෝ මුදල් ආපසු ගන්නා අවස්ථාවේදී, ඔබ ඒකක විකුණනවා. විකුණන දිනයේදී ඒකක මිල රු. 300 ට සමාන නම්, එවිට ඔබේ පොලිය හෝ ලාභය රු. 10,000ක් වේ.

ඒ කියන්නේ, මිලදී ගත් දිනය සහ විකුණන දිනය අතර ඒකක මිලෙහි ඇතිවන වෙනස ඔබ ලබන ලාභයට සමාන වේ.

මිලදී ගැනීම: රු. 20,000 (ඒකකයක මිල රු. 200)
විකුණුම්: රු. 30,000 (ඒකකයක මිල රු. 300)

ලාභය : රු. 10,000

CAL UT

නිතර අසන ප්‍රශ්න (FAQ)

ඒකක භාරයක් යනු පොදු ආයෝජන අරමුණු සහිත (ආයෝජකයින් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් යුතු) සංචිත අරමුදලකි. මෙම සංචිත අරමුදල් ප්‍රතිලාභයක් ලබාගනු පිණිස බැංකු හෝ මූල්‍ය ආයතන තැන්පතු, ආයතනික ණය, සමාගම් කොටස්, සුරැකුම්පත් ආදී විවිධ මූල්‍ය උපකරණ ඔස්සේ ආයෝජනය කරනු ලැබේ.

 

ආයෝජනය කර ඇති අරමුදල් වෙනුවට ආයෝජකයින් හට ඒකක වෙන් කරනු ලබන අතර එක් එක් අයට හිමි ඒකක ගණන අනුව සංචිත අරමුදල මගින් ලැබෙන ප්‍රතිලාභය මෙම ඒකක හිමියන් සඳහා වෙන්කරනු ලැබේ.

 

 

ඔව්. බද්ධ ගිණුමක් සඳහා කරුණාකර අමුණා ඇති Unit Trust Onboarding ලේඛනවල මෘදු පිටපත් පිරික්සන්න.

මුල් අයදුම්කරු සහ බද්ධ අයදුම්කරු බද්ධ බැංකු ගිණුමට අදාළ විස්තර පිරවිය යුතු බව කරුණාවෙන් සලකන්න. අපට පහත දැක්වෙන මූලාශ්‍ර ලේඛනද අවශ්‍ය වනු ඇත:-

  • මුල් අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි පිටපතක් (ඉදිරිපස සහ පසුපස) සහ බිල්පත් සාක්ෂි (ජාතික හැඳුනුම්පතෙහි දැක්වෙන ලිපිනය වෙනස් වන්නේ නම් පමණි)
  • බද්ධ අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි පිටපතක් (ඉදිරිපස සහ පසුපස) සහ බිල්පත් සාක්ෂි (ජාතික හැඳුනුම්පතෙහි දැක්වෙන ලිපිනය වෙනස් වන්නේ නම් පමණි)
  • ජාතික හැඳුනුම්පත නොමැති උප්පැන්න සහතිකය පමණක් ඇති බාල වයස්කරුවකු නම්, පැහැදිලි විස්තර (බැංකුව, ශාඛාව, ගිණුම් අංකය) සහිත බැංකු ගිණුම් ප්‍රකාශය – ඉහත සඳහන් කළ පරිදි එය මුල් අයදුම්කරු සහ බද්ධ අයදුම්කරු සතු බද්ධ බැංකු ගිණුමක් විය යුතුය.

ඔව්. ඔබට එසේ කළ හැක. ආයතනික ගිණුමක් සඳහා කරුණාකර අමුණා ඇති Unit Trust Onboarding ලේඛනවල මෘදු පිටපත් පිරික්සන්න.

 **අවම ශේෂයක් පවත්වා ගැනීමට අවශ්‍ය නොවන බැවින්, මතුවට අනවශ්‍ය ලේඛන කටයුතු වලක්වා ගැනීම සඳහා සියලුම අරමුදල් ඉදිරියේ හරි ලකුණ යොදන මෙන් අපි යෝජනා කරමු. සම්පූර්ණයෙන්ම එය ඔබට භාරයි.

***10% ට වඩා වැඩි කොටස් පොලියක් ඇති සැබෑ පුද්ගලයින් දක්වා දත්ත පිරික්සා බැලිය යුතු වේ. ආයතනික සේවාදායකයා වෙනත් ආයතනයක් (ලියාපදිංචි සමාගමක්) සතු වේ නම්, පරිපාලක සමාගමේ 15 ආකෘතිය සහ 10% ට වඩා වැඩි කොටස් පොලිය ඇති සැබෑ පුද්ගලයින් අපට අවශ්‍ය වනු ඇත.

ඔබට ආයෝජනය කිරීමට වඩාත්ම සුදුසු අරමුදල කුමක්ද යන්න ඔබ කොපමණ අවදානමක් ගැනීමට කැමතිද යන කරුණ සහ ඔබ සතුව මුදල්/ද්‍රවශීලතාව තිබීමේ අවශ්‍යතාවය මත පදනම් වේ. අරමුදල් තොරතුරු පත්‍රිකා බාගත කරගන්න.

අරමුදල අවදානම ද්‍රවශීලතාව
Capital Alliance Investment Grade Fund අවම එදිනම
Capital Alliance Fixed Income Opportunities Fund මධ්‍යස්ථ මධ්‍ය කාලීන
Capital Alliance Income Fund වැඩි දීර්ඝකාලීන
Capital Alliance High Yield Fund වැඩි මධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන
Capital Alliance Quantitative Equity Fund වැඩි දීර්ඝකාලීන
Capital Alliance Gilt Fund අවම දීර්ඝකාලීන
CAL Fixed Income Opportunities Fund සඳහා 2024/03/31 දිනට දින 92ක වාර්ෂික ප්‍රතිලාභය පහතින් උපුටා දක්වා ඇත. අනෙකුත් අරමුදල් විසින් වෙළඳපල තත්ත්වයන් සහ සාධනය මත පදනම්ව වෙනස්වන ඉපැයීම් ලබා ගනු ඇත. අතර ඒකක භාර ප්‍රතිලාභ වෙළඳපල අස්ථාවරත්වයට යටත් වන අතර, අතීත කාර්ය සාධනය අනාගත ප්‍රතිලාභ පිළිඹිබු කරන දර්ශකයක් නොවේ.
සියලුම නිතර අසන ප්‍රශ්න කියවන්න

Unit Trust යනු ඔබට පරිපූර්ණ ආයෝජන අවස්ථාවක් බව ඔබ තේරුම් ගත්තා නම් හෝ ඔබ දැනටමත් Unit Trust විශේෂඥයකු නම්, CAL පිවිසුම සඳහා ලියාපදිංචි වන්න. එහි ඔබට Unit Trustහි ආයෝජනය කිරීම ආරම්භ කළ හැකි අතර අපගේ පුළුල් ආයෝජන පිරිනැමීම අත්විඳිය හැකිය.

ඊළඟ පියවරට සූදානම්ද?

දිවයිනේ විශිෂ්ටතම අන්තර්ජාල ආයෝජක පිවිසුම අත්විඳින්න!

ලියාපදිංචි වන්න

Unit Trust අරමුදල් පිළිබඳ වියාචනය

Unit Trustහි ආයෝජනය කිරීමේදී ඒකක භාර අරමුදල් ආයෝජකයකු විසින් ඉටුකළ යුතු කරුණු කිහිපයක් අපි පහතින් දක්වා ඇත්තෙමු.

  • – මෙම අරමුදල සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව (SEC) විසින් නියාමනය කරනු ලැබේ.
  • – වාර්ෂික YTD ප්‍රතිලාභය විචල්‍ය වන අතර වෙනස්වීම්වලට යටත් වේ. අතීත කාර්ය සාධනය අනාගත කාර්ය සාධනය පිළිබඳ වූ නිශ්චිත ඇඟවීමක් නොවේ.
  • – ආයෝජනය කිරීමට පෙර පැහැදිලි කිරීමේ ගිවිසුමේ අන්තර්ගතය කියවා තේරුම් ගැනීම ඉතා යෝග්‍ය වේ.
  • – ආයෝජනයේ යෝග්‍යතාවය ආයෝජන අරමුණු, මූල්‍ය තත්ත්වය සහ ආයෝජකයාගේ විශේෂිත වූ අවශ්‍යතා මත පදනම් වන අතර ආයෝජකයා විසින් යෝග්‍යතාවය ඇගයීම් කළ යුතු වේ.

නවතම මිල ගණන් සහ බාගතකිරීම්

මෙහිදී, ඔබට සෑම අරමුදලකම වත්මන් ඒකක මිල ගණන් පිළිබඳව යාවත්කාලීන විය හැකි අතර වෙළඳපොල පිළිබඳ දර්ශනයක් ලබා දෙන වාර්තා සහ අදාළ පෝරම බාගත කිරීමටද හැකි වේ.

වාර්තා බාගත කරන්න

අතුරු වාර්තා
විගණනය කළ වාර්තා
විශ්වාස ඔප්පුව
පැහැදිලිකිරීමේ ගිවිසුම

පෝරම බාගත කරන්න

නාමික පෝරමය
අයදුම්පත
දිනය අරමුදලේ නම විකුණුම් මිල රු. මිලදීගැනීමේ මිල රු.

අප හා සම්බන්ධ වන්න
+94 117 60 2525

ආයෝජන කළමනාකරණය සහ අපගේ නවතම යාවත්කාලීන කිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අප අමතා සෘජුව කතා කරන්න, නැතහොත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න.

අපගේ CAL පිවිසුම පුරනය වී ඩිජිටල් අයුරින් ආයෝජනය කිරීමටද පෝරම බාගත කිරීමටද ඔබට හැකි වනු ඇත.

අපව අමතන්න
Go to Top