fbpx

භාණ්ඩාගාර බිල්පතක් යනු කුමක්ද?

රාජ්‍යය කටයුතු වෙනුවෙන් ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිනමනු ලබන භාණ්ඩාගාර බිල්පත් සාම්ප්‍රදායික තැන්පතුවලට සමාන වන අතර කල්පිරීමේදී ඔබේ පොලිය ඔබට ගෙවනු ඇත.

ඔබට භාණ්ඩාගාර බිල්පත් ගැන වැඩි දුරටත් දැන ගැනීමට අවශ්‍යද? ප්‍රවීණයකුගෙන් දැනුම ලබා ගන්න.

“භාණ්ඩාගාර බිල්පත් වර්තමානයේ ආකර්ශනීය ආයෝජන විකල්පයක් වන අතර ඒවා සාම්ප්රදායික තැන්පතුවලට බෙහෙවින් සමානව ක්රියා කරන බැවින් ආයෝජනය ආරම්භ කිරීම තරමක් සරල ය” යනුවෙන් CAL භාණ්ඩාගාරයේ උප සභාපති වන Damien Rayen පවසයි.

ඉහල ඉල්ලුමක් ඇති මෙම මුල්ය උපකරණය පිළිබඳ ඔහුගෙන් දැනුම ලබාගමු.

ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ගැන ඉගෙන ගන්න – CAL භාණ්ඩාගරය විසින් ජුනි 2022 මෙහෙයවූ online වැඩමුළුව

CAL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට භාණ්ඩාගාර බිල්පත් සඳහා ප්‍රවේශය ලබාදී ඇත්තේ කෙසේද?
කිසිදු වියදමකින් තොරව ඩිජිටල් ක්‍රමයට අප සමඟ භාණ්ඩාගාර බිල්පත් ගිණුමක් විවෘත කර රුපියල් මිලියන 1ක අවම ආයෝජන වටිනාකමකින් ආයෝජනය ආරම්භ කරන්න!

ඔබ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ යුත්තේ ඇයි?

හොඳ ප්‍රශ්නයක්! භාණ්ඩාගාර බිල්පත් සම්ප්‍රදායික තැන්පතු වැනි විකල්පවලට සමාන ප්‍රතිලාභ රැසක් ඔබට ලබාදෙන බැවින් එය ආකර්ශනීය ආයෝජන ක්‍රමයක් වෙනවා.

සාම්ප්‍රදායික තැන්පතු වැනි නිෂ්පාදනවලට සමාන හෝ වැඩි පොලියක්.
ඔබේ ආයෝජන කළඹ (portfolio) විශාල වත්කම් පන්තියකට විවිධාංගීකරණය කිරීම.
මාස 3, 6 හෝ 12 ලෙස කල් පිරෙන කාල සීමාවන් ඇති භාණ්ඩාගාර බිල්පත් ඔබට තෝරා ගත හැක.
ඩිජිටල් ලෙස ආයෝජනය කළ හැකි විකල්ප හඳුන්වාදීම නිසා ආයෝජනය කිරීමට ඇති පහසුව.

ඔබ ආයෝජනය දැන්ම ආරම්භ කළ යුත්තේ ඇයි?

බොහෝ ශ්‍රී ලාංකිකයන් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමට යොමු වන්නේ ඇයි දැයි දැනගන්න.

ඔබට ලැබෙන ප්‍රතිලාභය ආසන්න වශයෙන් ගණනය කිරීමට අපගේ ප්‍රතිලාභ කැල්කියුලේටරය භාවිතා කරන්න.

*පරිපූර්ණ වශයෙන් වර්‍රධනය වන ද්විතීයික වෙළෙඳපොළ ගණුදෙනු

ඔබේ ධනය වර්‍රධනය කිරීම සඳහා ඔබ CAL තෝරා ගත යුත්තේ ඇයි?

අපි ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා වඩාත්ම තරඟකාරී පොලී අනුපාත පිරිනමන, එමෙන්ම විශිෂ්ට සේවා සපයන, ඉහළම ශ්‍රේණිගත, බලපත්‍රලාභී ප්‍රාථමික අලෙවිකරුවෙකි.

ඔබ දැනගෙන සිටියා ද?

ඉහළම ශ්‍රේණිගත ආයෝජන බැංකුවක් ලෙස ක්‍රියාත්මක වන CAL ඔබේ ආයෝජනයේ සුරක්ෂිත බව සහතික කරයි.

නිතරම අසන්නට ලැබෙන ප්‍රශ්න

  • රාජ්ය සුරැකුම්පතක් යනු කල් පිරුණු පසු ආපසු ගෙවීමේ පොරොන්දුව මත ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිකුත් කරන ලද ණය උපකරණයකි.
  • භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර.
  • නොහැක
  • CAL යනු රජයේ සුරැකුම්පත්වල ප්රාථමික අලෙවිකරුවෙකි. ප්රාථමික අලෙවිකරුවෙකු යනු රාජ්යය සුරැකුම්පත් සෘජුවම රජයෙන් මිලදී ගෙන ඒවා වෙනත් ආයෝජකයින්ට නැවත විකුණන ආයතනයකි. එමඟින් රාජ්යය සුරැකුම්පත් ගණුදෙනු සඳහා CAL නියෝජිතයෙකු ලෙස ක්රියා කරයි.
  • භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා එකතු වෙන ආයෝජන සෘජුවම ශ්රී ලංකා රජයට ලැබේ. ආයෝජකයින් මුදල් ලබා දෙන්නේ රජයට මිස CAL වෙත නොවේ. CAL ක්රියා කරන්නේ හුදෙක් නියෝජිතයෙකු ලෙස පමණයි.
  • භාණ්ඩාගාර බිල්පතක් යනු ශ්රී ලංකා රජය විසින් නිකුත් කරන දින 91 කින්, දින 182 කින් සහ දින 364 කින් කල් පිරෙන කෙටි කාලීන ණය උපකරණයකි.
  • භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබන්නේ වට්ටමක් සහ කල්පිරීමේදී මූලික ගෙවීමක් මත ය.
සියලුම ප්‍රශ්න හා පිළිතුරු කියවන්න

ඉහළ පෙලේ පොලී අනුපාත මග හැරීමට ඔබ කැමතිද?

එසේ නොමැතිනම් CAL ඩිජිටල් ආයෝජන ද්වාරය වෙත ලියාපදිංචි වී භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම ආරම්භ කරන්න. මෙය සම්පූර්ණයෙන්ම online කළ හැක. දැන්මම ලියාපදිංචි වී ඉහළ පෙලේ භාණ්ඩාගාර බිල්පත් අනුපාත භුක්ති විඳින්න!

පාරිභෝගික ප්‍රඥාප්තිය
English      |      සිංහල     |      தமிழ்
Go to Top