CAL Investments යනු සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව (SEC) යටතේ ආයෝජන කළමණාකරුවකු සහ ඒකක භාර කළමණාකරුවකු ලෙස ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී ආයතනයක් වේ. එහි අරමුදල් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලැබේ. එහි භාරකාරිත්වය ශ්‍රී ලංකා ඩොයිෂ් බැංකුව විසින් දරනු ලබන අතර මෙමගින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පිළිපදින වග සහතික කරනු ලැබේ.

ආයෝජක භවතුන්ගේ තැන්පතු වල සුරක්ෂිතභාවය සහතික කිරීම උදෙසා ආයෝජන පිළිබඳ තීරණ ගනු ලබන්නේ දේශාල් ද මෙල්, ශෂිකා රණසිංහ වැනි ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් සමන්විත ඇතුළත් මනා පළපුරුද්දකින් හෙබි ආයෝජන කමිටුවක් විසිනි. මෙම සබැඳිය මගින් අපගේ ආයෝජන කමිටුව දැකගත හැක. මීට අමතරව, Investment Grade Fund ස්වාධීනව “Af(lka)” Fitch ශ්‍රේණිගත කිරීම් මගින් ස්වාධීනව “Af(lka)” ලෙසත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිතායතනය (ICRA) විසින් “[SL]A+mfs” ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

කෙසේ වෙතත්, බැංකුවල සිදුකෙරෙන මුදල් තැන්පතු මෙන් නොව, ඒකක භාර අරමුදල් තැන්පතු රක්‍ෂණ ක්‍රම මගින් ආරක්‍ෂා නොවන බව සැලකිය යුතුය. එමනිසා ඒකක භාර අරමුදල් ආයෝජනය කර ඇති ආයතන බංකොලොත් භාවයට මුහුණ දෙන අවස්ථාවකදීම සේවාදායකයින් හට ඔවුන්ගේ සම්පූර්ණ ආයෝජන මුදල නොලැබීමේ අවදානම පවතියි.