ඒකක භාරයක් යනු පොදු ආයෝජන අරමුණු සහිත (ආයෝජකයින් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් යුතු) සංචිත අරමුදලකි. මෙම සංචිත අරමුදල් ප්‍රතිලාභයක් ලබාගනු පිණිස බැංකු හෝ මූල්‍ය ආයතන තැන්පතු, ආයතනික ණය, සමාගම් කොටස්, සුරැකුම්පත් ආදී විවිධ මූල්‍ය උපකරණ ඔස්සේ ආයෝජනය කරනු ලැබේ.
ආයෝජනය කර ඇති අරමුදල් වෙනුවට ආයෝජකයින් හට ඒකක වෙන් කරනු ලබන අතර එක් එක් අයට හිමි ඒකක ගණන අනුව සංචිත අරමුදල මගින් ලැබෙන ප්‍රතිලාභය මෙම ඒකක හිමියන් සඳහා වෙන්කරනු ලැබේ.